ශ්‍රී ලංකාව සහාය වෙන්න රටවල් රැසක් එක්වෙයි – ඇමරිකාවෙන් භාණ්ඩ ප්‍රවාහනයට යානා දෙකක්

ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවලට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා ගුවන් යානා දෙකක් අද (06) දිනයේ ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙරටට ලබාදීමට නියමිත බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවෙගොඩ පවසනවා.

ඒ, අනුව c1 30 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යනා දෙකක් ඇමරිකාව විසින් මෙම මෙහෙයුම් සඳහා ලබාදෙන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (05) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ.

ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදය විසින් හෙලිකොප්ටර් යානා කිහිපයක් ද ආපදා කළමනාකරණය වෙනුවෙන් මෙරටට ලබාදීමට පොරොන්දු වී ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්වූ මෙරටට සහායවීමට ජාත්‍යන්තරයේ රටාව රැසක් ඉදිරිපත් වී ඇති බව සඳහන් කළ ඔහු ඒ වෙනුවෙන් එම රටවල් මෙරට සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි පැවසුවේ.

එම සාකච්ඡාවලින් අනතුරුව අවශ්‍ය උපකාරයන් එම රටවල්වලින් මෙරටට සිදුකිරීමට නියමිත බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියා.

ප්‍රංශය, පෝලන්තය, ජර්මනිය, තුර්කිය වැනි රටවල නියෝජිතයින් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය වෙත පැමිණ එම සාකච්ඡාකර අදාළ උපකාරයන් මෙරටට වෙනුවෙන් සිදු කිරීමට සූදානමින් සිටින බව ඔහු මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07