ශ්‍රී ලංකාව සහාය වෙන්න රටවල් රැසක් එක්වෙයි – ඇමරිකාවෙන් භාණ්ඩ ප්‍රවාහනයට යානා දෙකක්

ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවලට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා ගුවන් යානා දෙකක් අද (06) දිනයේ ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙරටට ලබාදීමට නියමිත බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවෙගොඩ පවසනවා.

ඒ, අනුව c1 30 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යනා දෙකක් ඇමරිකාව විසින් මෙම මෙහෙයුම් සඳහා ලබාදෙන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (05) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ.

ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදය විසින් හෙලිකොප්ටර් යානා කිහිපයක් ද ආපදා කළමනාකරණය වෙනුවෙන් මෙරටට ලබාදීමට පොරොන්දු වී ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්වූ මෙරටට සහායවීමට ජාත්‍යන්තරයේ රටාව රැසක් ඉදිරිපත් වී ඇති බව සඳහන් කළ ඔහු ඒ වෙනුවෙන් එම රටවල් මෙරට සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි පැවසුවේ.

එම සාකච්ඡාවලින් අනතුරුව අවශ්‍ය උපකාරයන් එම රටවල්වලින් මෙරටට සිදුකිරීමට නියමිත බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියා.

ප්‍රංශය, පෝලන්තය, ජර්මනිය, තුර්කිය වැනි රටවල නියෝජිතයින් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය වෙත පැමිණ එම සාකච්ඡාකර අදාළ උපකාරයන් මෙරටට වෙනුවෙන් සිදු කිරීමට සූදානමින් සිටින බව ඔහු මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?