රට විවෘත කිරීම ගැන ඉඟියක්

පවතින සංචරණ සීමා මැද ජනතාව නිවසටම වී රැඳී සිටින්නේ නම් එළඹෙන 14 වනදායින් පසු යම් ආකාරයකට රට විවෘත කිරීමට හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ හේතුවෙන් නිරෝධායන රීති ආරක්ෂා කරමින් කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ වෙත සහයෝගය ලබාදෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ (04) දිනය තුළ පුද්ගලයින් 975ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් 147ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙනි. 
නිකවැරටියෙන් 80ක්, මහනුවරින් 75ක් අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථාන 14කදී සිදු කෙරුණු වාහන පරීක්ෂාවන්වලදී වාහන 139ක් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කිරීමට උත්සාහ කිරීමේදී ආපසු හරවා යවා තිබේ.

ඊයේ උදෑසන 6.30 සිට 9.30 දක්වා කොළඹ නගරයට ඇතුළු වූ වාහන සංඛ්‍යාව 59,280කි.

ඊයේ දිනයේත් වැඩිපුරම කොළඹ නගරයට ඇතුළු වී ඇත්තේ බැංකු සහ මූල්‍ය ආයතනවලට අදාළ වාහන බවද අජිත් රෝහණ මහතා පැවසීය.

එම වාහන සංඛ්‍යාව 16,282කි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ නිරෝධායන රීති ක්‍රියාත්මක වූ දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 22,950ක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අබලන් පාරක් නිසා ගමක් අමාරුවේ
04:31
Video thumbnail
අනුර කුමාරට ගෙදරින් ගෙනත් දෙන්න තෙල් නෑනේ
03:29
Video thumbnail
පාසල් ප්‍රවාහන ගාස්තු වැඩිකරයි
00:58
Video thumbnail
උත්තර දෙන්න ලෑස්ති වෙන්න ඇමතිතුමෝ
11:10
Video thumbnail
බලංගොඩ බිහිසුණු අනතුරේ CCTV දර්ශන එළියට.."අයියෝ ඒ අම්මේ..දෙයියනේ මොකද වුණේ"
01:57
Video thumbnail
බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලෙන් පැ#න පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි
01:28
Video thumbnail
ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ජනතාව ගෙන්නන්න පුළුවන් කියලා අපි පෙන්නුවා නොවැම්බර්
02:56
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49