වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය ගෲප් කපිතාන් තනතුරට උසස් කර තිබෙනවා.
එය ඔහුගේ ආදර්ශමත් සේවය සහ රාජකාරිය සඳහා වූ නොසැලෙන කැපවීම සඳහා ජාතියේ ඉහළම ගෞරවයෙන් සලකනු ලබන බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කළේ.
ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට අත්‍යවශ්‍ය සැපයුම් බෙදා හැරීමේ නිරතව සිටිය දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටරයක් ලුණුවිල පාලම අසල හදිසි ගොඩබෑමකට යාමේදී පසුගිය සති අන්තයේ අනතුරකට ලක් වුණා.
එම අනතුරින් යානයේ නියමුවා ලෙස කටයුතු කළ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් සිව්දෙනෙක් තුවාල ලැබුවා.















