අමාත්‍ය සරෝජා පෝල්රාජ් ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පසුගියදා තේරී පත් වුණා.

මෙම සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීමේ රැස්වීම පසුගියදා (27) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ෂාල්ක් ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වුණා.

අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර ද මෙම අවස්ථාවට සහභාගීව සිටියා.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ සංගමයේ ලේකම් ලෙස තේරී පත් වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සංගමයේ භාණ්ඩාගාරික ලෙස තේරීපත් වුණා.

1994 වසරේ දී විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමත් සමඟ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දිගුකාලීන සම්බන්ධතා මෙම රැස්වීමේදී දෙපාර්ශ්වයම අවධාරණය කළා.

අංශ ගණනාවක් ඔස්සේ දෙරට අතර බෙදාගන්නා ලද අන්‍යෝන්‍ය සහයෝගය මෙහිදී ගෞරවයෙන් සිහිපත් කෙරුණා.

සංචාරක, අධ්‍යාපනය සහ වෙළඳාම යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට ඇති හැකියාව මෙහිදී අවධාරණය කරනු ලැබුවා.

ජාතිය ගොඩනැගීම සහ සංහිදියාව ඇති කිරීමේ ක්‍රියාවලීන්හි දකුණු අප්‍රිකාවේ අත්දැකීම් බෙදාගැනීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වුණා.

මෙම රැස්වීමට ප්‍රථම, දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරයා සහ කතානායකවරයා අතර හමුවක්ද පැවැත් වුණා.

මෙහිදී ජාතික සමගිය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයන් මහකොමසාරිස්වරයාගේ ඇගයීමට ලක්වූ අතර එම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දකුණු අප්‍රිකාව ඔවුන්ගේ සහයෝගය ලබා දීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32