ජීවිත 390ක් අයපත් කාලගුණයෙන් අහිමිවෙයි, වැඩිම සංඛ්‍යාව මහනුවරින් – තවත් 352ක් අතුරුදන්

දිවයිනට බලපෑ අයපත් කාලගුණයෙන් සිදුවූ ආපදා හේතුවෙන් මේ වනවිට ජීවිත අහිමි වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 390ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

වැඩිම මරණ සංඛ්‍යාව මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 88ක්.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 82ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 75ක් ද වාර්තා වනවා.

මේ අතර තවත් පුද්ගලයින්ගේ 352ක් අතුරුදන්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊට අමතරව දිස්ත්‍රික්ක විසිපහේ පවුල් 382,651ක පුද්ගලයින් 1,373,899 දෙනෙකු ආපදාවට ලක්ව සිටින බවයි වාර්තා වන්නේ.

දිවයිනට බලපෑ අයපත් කාලගුණයෙන් පූර්ණ නිවසා හානි 432ක් වාර්තා වන අතර, නිවාස 15,688 කට අර්ධ හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර සුරක්ෂිත මධ්‍යස්ථාන 1,368ක පුද්ගලයින් 204,597 දෙනෙකු මේ වනවිට රැඳී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?