පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වාර්තා වී තිබූ විදුලිය බිඳවැටීම්වලින් මේ වනවිට 70%ක් පමණ යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී ෂර්ලි කුමාර සඳහන් කළා.
කෙසේ වෙතත් මේ වනවිටත් සිදුව ඇති විදුලිය බිඳවැටීම්, වර්ෂාව සහ සුළං තත්ත්වය අඩුවීමත් සමඟ ඉදිරියේ දී කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි ඔහු පැවසුවේ.
මේ අතර අයහපත් කාලගුණයෙන් වැඩි බලපෑමක් එල්ල නොවූ දකුණු පළාතේ සිටින විදුලි සේවකයින් විසින් ස්වේච්ඡාවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවල සේවය සඳහා යොමුවී ඇති බවයි සාමාන්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ අනුව එම සේවකයින් බදුල්ල සහ නුවරඑළිය වැනි ප්‍රදේශවල සේවය සඳහා යොමුකර තිබෙනවා.
විදුලි පද්ධතියට සිදුව ඇති හානිය යළි පිළිසකර කර අවසන් විදුලි පාරිභෝගිකයාට විදුලිය සැපයීමට අවම වශයෙන් මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කර සිටියේ.
මේ අතර විදුලිය බිඳවැටීම් හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවත්, එතෙක් ඉවසීමෙන් සිටින ලෙසත් විදුලි පාරිභෝගිකයින්ගෙන් ඔහු ඉල්ලා සිටිවා.















