බිඳ වැටී ඇති විදුලි සැපයුම යළි පිළිසකර කිරීමට මාසයක කාලයක් – විදුලිබල මණ්ඩලය

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වාර්තා වී තිබූ විදුලිය බිඳවැටීම්වලින් මේ වනවිට 70%ක් පමණ යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී ෂර්ලි කුමාර සඳහන් කළා.

කෙසේ වෙතත් මේ වනවිටත් සිදුව ඇති විදුලිය බිඳවැටීම්, වර්ෂාව සහ සුළං තත්ත්වය අඩුවීමත් සමඟ ඉදිරියේ දී කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි ඔහු පැවසුවේ.

මේ අතර අයහපත් කාලගුණයෙන් වැඩි බලපෑමක් එල්ල නොවූ දකුණු පළාතේ සිටින විදුලි සේවකයින් විසින් ස්වේච්ඡාවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවල සේවය සඳහා යොමුවී ඇති බවයි සාමාන්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව එම සේවකයින් බදුල්ල සහ නුවරඑළිය වැනි ප්‍රදේශවල සේවය සඳහා යොමුකර තිබෙනවා.

විදුලි පද්ධතියට සිදුව ඇති හානිය යළි පිළිසකර කර අවසන් විදුලි පාරිභෝගිකයාට විදුලිය සැපයීමට අවම වශයෙන් මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කර සිටියේ.

මේ අතර විදුලිය බිඳවැටීම් හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවත්, එතෙක් ඉවසීමෙන් සිටින ලෙසත් විදුලි පාරිභෝගිකයින්ගෙන් ඔහු ඉල්ලා සිටිවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21