රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට ආපදා මරණ 39ක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.
මේ අතර තවත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
ආපදා අනතුරු හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙක් වනවිට තුවාල ලබා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79ක පවුල් පවුල් 1,158කට අයත් පුද්ගලයින් 4,008ක් ආපදාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
අයහපත් කාලගුණය හේතුවෙන් වැඩිම බලපෑමක් බදුල්ල දිස්ත්‍රික්කයට එල්ල වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
3
+1
1
+1





