දිවයිනේ පවත්නා වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක 01, 02, 03, 04, සහ 05 සංචාරකයින් සඳහා වසා තබන බව වාර්තා වනවා.
කෙසේ වෙතත් කලාප අංක 06, කළු පාලම ප්‍රවේශ මාර්ගය පමණක් සංචාරකයින් සඳහා විවෘතව පවතිනවා.
එසේම, හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය, වස්ගමුව ජාතික උද්‍යානය. කුමන ජාතික උද්‍යානය, විල්පත්තුව ජාතික උද්‍යානය, මින්නේරිය ජාතික උද්‍යානය සහ කවුඩුල්ල ජාතික උද්‍යානය ද නැවත දැනුම් දෙන තුරු සංචාරකයින් සඳහා මුළුමනින්ම වසා දැමීමටයි පියවර ගෙන තිබෙනවා.
මේ දිනවල ඉහත ජාතික උද්‍යානවල සංචාරක නිවාස වෙන්කරන ලද සංචාරකයින්ට ද එම වෙන්කරවා ගැනීම් පසු දිනකදි සිදුකරවා ගත හැකියාව පවතිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





