අයහපත් කාලගුණයෙන් ජීවිත අහිමිවීම් 22ක් – බදුල්ලේ සහ මහනුවර 11ක් අතුරුදන්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 22ක් මේ වනවිට වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

ඉන් වැඩිම ජීවිත හානි සංඛ්‍යාවක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා අද (27) උදෑසන වනවිට වාර්තාවන මරණ සංඛ්‍යාව 11ක් බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන සඳහන් කළේ.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගල අතුරුදන්වීම් 07ක් වාර්තා වනවා අතර, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට හා උඩුදුම්බර ප්‍රදේශවලින් පුද්ගල අතුරුදන්වීම් 04ක් වාර්තා වනවා බවයි තොරතුරු වාර්තා වුණේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17කට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.

මේ අතර අද (27) උදෑසන 6.00 වනවිට අයහපත් කාලගුණ තත්ත්වය නිසා නිවාස 03කට පූර්ණ හානි සහ නිවාස 381කට අර්ධ හානි සිදුව ඇති බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?