මහ ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට මේ වන විට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් මහ ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක් ඉදිරි පැය 48 තුළ ඇති විය හැකි බවට අනතුරු අඟවනවා.
ඒ, අනුව එම කාලය තුළ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල (මරඳගොල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාශය) සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශ වලට අධි ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.
මේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් සහ මගීන්ගෙන් ඉල්ලා සිටිනු ලබනවා.















