මවගේ දෙවන සැමියා අවුරුදු 17 දියණිය ඝාතනය කරලා

මැදිරිගිරිය පොලිස් වසමේ නවනගරය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් සිසුවියකට තියුණු ආයුධයකින් පහරදීම ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඊයේ (26) පස්වරුවේ මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ වයස අවුරුදු 17ක සිසුවියක්.

මෙම සිසුවිය සිය මිත්තණිය සමඟ නිවසේ සිටියදී ඇයගේ මවගේ දෙවන ස්වාමිපුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධියේදී ද මිත්තණිය තුවාල ලබා මේ වන විට මැදිරිගිරිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

මෘත ශරීරය මැදිරිගිරිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මැදිරිගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18