සජින් වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ කාලසීමාව තුළ නීති විරෝධී ලෙස රුපියල් කෝටි තිහකට අධික මුදලක් රැස් කර ගැනීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා එල්ල වී සිටින  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ පැමිණිල්ල සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ අද (25) පැවැත්වුණා.

ඒ අනුව අදාළ විමර්ශනය සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරික්ෂිකා නාලනී රංගනාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නා.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා කරමින් රජයේ නීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා පෙනී සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටියදී සජින් ද වාස් ගුණවර්ධන විසින් රුපියල් 306,268,194 ක මුදලක් අයථා ලෙස අත්පත් කරගෙන තිබෙන බවත් ඒ තුළින් ඔහු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බව ට නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොණු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?