පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ සහභාගීත්වයෙන් පාකිස්ථානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේ පැවැත්වෙන විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වන තරගය අද (25) සිම්බාබ්වේ සමඟ මෙරට වේලාවෙන් පස්වරු 06.30 ට ආරම්භ වීමට නියමිතයි.
පෙර පැවති තරග දෙකම පරාජය වූ ශ්‍රී ලංකා පිළට තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් මෙම තරගය ජය ගැනීම අතාවශ්‍ය වනවා.
කිසියම් ආකාරයකින් ශ්‍රී ලංකාව මෙම තරගය පරාජයට පත්වුවහොත් සිම්බාබ්වේ සහ පාකිස්ථානය, තරගාවලියේ තරග දෙකක් ඉතිරිව තිබියදීම අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් දිනාගනු ලබනවා.
ශ්‍රී ලංකාව මෙම තරගය සහ පාකිස්ථානය සමඟ පැවැත්වෙන තරගය යන තරග දෙකම ජය ගතහොත් අවසන් තරගයට ප්‍රවිෂ්ඨ වීමේ හැකියාව පවතිනවා.
එමෙන්ම මෙම තරගය ජයගෙන පාකිස්ථානය සමඟ තරගය පරාජයට පත් වුවද සිම්බාබ්වේ පිළට වඩා දළ ලකුණු සටහනේ ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටි නම් ඒ අනුව ද ශ්‍රී ලංකාවට අවසන් තරගයට පිවිසීමේ හැකියාව පවතිනවා.















