දිනුවොත් ගොඩ – නැත්නම් ගෙදර, තරගය පස්වරු 06.30ට

පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ සහභාගීත්වයෙන් පාකිස්ථානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේ පැවැත්වෙන විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වන තරගය අද (25) සිම්බාබ්වේ සමඟ මෙරට වේලාවෙන් පස්වරු 06.30 ට ආරම්භ වීමට නියමිතයි.

පෙර පැවති තරග දෙකම පරාජය වූ ශ්‍රී ලංකා පිළට තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් මෙම තරගය ජය ගැනීම අතාවශ්‍ය වනවා.

කිසියම් ආකාරයකින් ශ්‍රී ලංකාව මෙම තරගය පරාජයට පත්වුවහොත් සිම්බාබ්වේ සහ පාකිස්ථානය, තරගාවලියේ තරග දෙකක් ඉතිරිව තිබියදීම අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් දිනාගනු ලබනවා.

ශ්‍රී ලංකාව මෙම තරගය සහ පාකිස්ථානය සමඟ පැවැත්වෙන තරගය යන තරග දෙකම ජය ගතහොත් අවසන් තරගයට ප්‍රවිෂ්ඨ වීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම මෙම තරගය ජයගෙන පාකිස්ථානය සමඟ තරගය පරාජයට පත් වුවද සිම්බාබ්වේ පිළට වඩා දළ ලකුණු සටහනේ ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටි නම් ඒ අනුව ද ශ්‍රී ලංකාවට අවසන් තරගයට පිවිසීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ගෙවන්න බැරිවුණොත් රට ලොකු ඛේදවාචකයක - රට ගැන හිතලා අපි එකතුවෙමු
10:07
Video thumbnail
ජල ගාස්තුවත් වැඩි කරන්න යන්නේ ? - රට භයානක තත්ත්වයක..විපක්ෂය අනතුරු අඟවයි..!
02:59
Video thumbnail
සුන්බුන් විපක්ෂයට මෙහෙමනම් ගමනක් නෑ - නි. ඇමතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
05:33
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා යන බස් එක
00:55
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව බයික් එකෙන් දැම්ම සෙල්ලම
00:19
Video thumbnail
ප්‍රශ්නවලට බණෙන්ම උත්තර දුන් කථානායක - ජාතියේ පුනරුදයට ආධ්‍යාත්මික පුනරුදය අත්‍යවශ්‍යයි
02:52
Video thumbnail
වෛභව සූර්යවංශිට විශේෂ ආරක්ෂාවක් - වීඩියෝ පොටෝ ගන්නවත් දෙන්නේ නෑ
02:14
Video thumbnail
රනිල්ට - ඩඩ්ලි බනින හේතුව ඩඩ්ලි හෙළිකරයි - සටන මාස 2ක් ඇතුළත පාවා දුන්නා රනිල්
01:20
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිවරණයට ඉල්ලන්නද යන්නේ ?.."අනේ මට එහෙම අමාරුවක් නෑ"
01:38
Video thumbnail
මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ..
04:13