රියදුරු බලපත්‍ර හිමි ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සුබ ආරංචියක්

ශ්‍රී ලංකා රජය සහ ඉතාලි ජන රජය අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම පිළිබඳ ද්වීපාර්ශ්වික ගිවිසුමකට 2011 වසරේදී එළඹ ඇති අතර, 2021 වර්ෂයේදී එම ගිවිසුමේ වලංගු කාලය අවසන් වී තිබෙනවා.

එම ගිවිසුම් යාවත්කාලීන කරමින් තාක්ෂණික සංශෝධන ඇතුළත් කර නැවත බලාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වය අතර එකඟතාවකට එළඹ ඇති බව වාර්තා වනවා.

වසර 06කට අඩු කාලයක් ඉතාලියේ පදිංචිව සිටි සහ ඉතාලි පදිංචිය ලබා ගැනීමට පෙර ලබා ගත් ශ්‍රී ලාංකික වලංගු රියදුරු බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයන්ට, රියදුරු බලපත්‍ර පරිවර්තනය කිරීම මඟින් ඉතාලි රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සහ ශ්‍රී ලංකාවේ පදිංචි ඉතාලි ජාතිකයින්ට සිය වලංගු ඉතාලි රියදුරු බලපත්‍ර ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍ර බවට බලාත්මක කර ගැනීම සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම එකී ගිවිසුමට අනුව සිදු කෙරෙනවා.

ඒ අනුව, රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ගිවිසුමකට අත්සන් තැබීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න
00:59
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..උණුසුම් තත්ත්වයක්
00:31
Video thumbnail
රනිල්ගේ නඩුවට තොරතුරු එකතු කරන්න ගිය සිද්ධිය ගැන කතක් කට අරියි - තොරතුරු දැනගැනීමේ පනත බ##ට දාලා
07:22
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ලක්මාලි නැගිටලා නාමල්ට හොඳ පදෙන්ම අමතයි - සිහිවිකල්වෙලා වගේ කතා කරන්න දෙන්න බෑ..මොන හයියක්ද ?
10:23
Video thumbnail
සජිත් පොරොන්දු ගැන කියලා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි - ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලුවේ
08:04
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ මූණ අල්ලලා කිව්ව දේ..උද්ඝෝෂණයට එක්වුණු නාමල්, චානක ඇතුළු ප්‍රබලයෝ
02:52
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩුවට දුම් විසිවෙන්න දෙද්දි විපක්ෂයේ සෙට් එකට හිනා - ඊබ්‍රාහිම් ඔයා වෙනුවෙන් කළේ මොනවද ?
11:03
Video thumbnail
ඇයි ඇයි උඹලා චණ්ඩි ද.. දාපන් මේක
01:01