නිකුත් කිරීමට නොහැකි වූ සියලුම රියදුරු බලපත්‍ර ලබන වසරේ පෙබරවාරි මාසය වන විට මුද්‍රණය කර අවසන් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
ඉන් අනතුරුව සාමාන්‍ය පරිදි දෛනිකව රියදුරු බලපත්‍ර නිකුත් කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
නිකුත් කිරීමට නොහැකි වූ රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ස්ථාන තුනකදී සිදුකරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පැවසුවේ.
රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදාගන්නා කාඩ් නොමැති වීම හේතුවෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම නතර කර තිබූ අතර, තුන්ලක්ෂ පනස් දහසකට ආසන්න රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට ගොඩගැසී තිබුණා.
ඒ, වෙනුවට තාවකාලික රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීමටයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කළේ.





