රියදුරු බලපත්‍ර මුද්‍රණය ගැන දැනුම්දීමක්

නිකුත් කිරීමට නොහැකි වූ සියලුම රියදුරු බලපත්‍ර ලබන වසරේ පෙබරවාරි මාසය වන විට මුද්‍රණය කර අවසන් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන් අනතුරුව සාමාන්‍ය පරිදි දෛනිකව රියදුරු බලපත්‍ර නිකුත් කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නිකුත් කිරීමට නොහැකි වූ රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ස්ථාන තුනකදී සිදුකරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පැවසුවේ.

රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදාගන්නා කාඩ් නොමැති වීම හේතුවෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම නතර කර තිබූ අතර, තුන්ලක්ෂ පනස් දහසකට ආසන්න රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට ගොඩගැසී තිබුණා.

ඒ, වෙනුවට තාවකාලික රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීමටයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31