මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබද ජාතික විෂයමාලා රාමුව එළිදැක්වේ

මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විශයමාලා රාමුව එළිදැක්වීමේ උත්සවය අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (21) සිදුකෙරුණා.

මෙහිදී විශය මාලා රාමුව ජාතික අධ්‍යාපන ආයතනයේ චැනල් එන්.අයි.යී. වෙබ් පිටුවේ (channelnie.nie.ac.lk) එළිදැක්වීමද මේ සමඟ සිදුකරනු ලැබුවා.

මේවන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන මුල් ළමාවිය අධ්‍යාපනයේ විෂමතා සැලකිල්ලට ගෙන ලංකාව තුළ විසිරී පවතින විවිධ මට්ටමේ මුල් ළමා විය අධ්‍යාපන මධ්‍යස්ථානවල එකම ආකාරයේ විෂයමාලාවක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සහ ගෝලීය න්‍යාය පත්‍ර සඳහා මෙන්ම ශ්‍රී ලාංකික දරුවාගේ මුල් ළමාවිය යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම අධ්‍යාපන විෂයමාලා රාමුව ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස්කර තිබෙනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමත් එහි වලංගුභාවය පරීක්ෂා කිරීමත් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික අධ්‍යාපන ආයතනය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය, තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, යුනිසෙෆ් ශ්‍රී ලංකා යන සියලු ආයතනවල සහයෝගයෙන් සිදුකරනු ලැබුවා.

යෝජිත මෙම පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තිය 2027 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, යුනිසෙෆ් ආයතනයේ මූල්‍යමය හා තාක්ෂණික දායකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය ඒකාබද්ධව පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් ඉදිරි සතියේ දී ‘තුල්හිරිය මාස් ඇතිනා’(MAS Athena) ආයතනයේ දී පැවැත්වීමට සැලසුම් සකස් කර තිබෙනවා.

  1. මු.ළ.අධ්‍යාපනය සපයන ආයතන සියල්ලම එක් ප්‍රශස්ථවූ දිසානතියක යෙදවීම අනිවාර්යයෙන්ම විය යුත්තකි.එසේම ගුරුමහත්මීන් බඳවාගැනීමේදී ගැළපෙන ප්‍රමාණවත් අධ්‍යාපනික සුදුසුකම් සහ අනුයාත අමතර හැකියාවන් ද සැලකිල්ලට ගැනීම වැදගත්වනු ඇත.එසේම පූ.ළ.සං.මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීමේ දී දැනට සලකනු ලබන අවශ්‍යතා, තිබිය යුතු පහසුකම් ද නැවත සමීක්ෂණයක් කිරීමද වටී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51