විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් විසින් සංවිධානය කර තිබෙන ආණ්ඩු විරෝධී රැළිය නිසාවෙන් හෙට (20) දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රභූවරුන්, දේශපාලන පක්ෂ නායකයින්, නියෝජිතයින්, පාක්‍ෂිකයින් මෙන්ම පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ රථ වාහන සහ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
ඒ අනුව, දහවල් 02.00 සිට රැළිය අවසන් වන අවස්ථාව දක්වා නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නාවල වටරවුම දක්වා වූ කොටසෙහි (ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය ඉදිරිපිට මාර්ගය) රථ වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
එම කාලය තුල එම මාර්ග භාවිතා කරන රියදුරන් හා මහජනතාවට ඇති විය හැකි අපහසුතා මගහරවා ගැනීම සඳහා පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.







