බංගලාදේශය සහ අයර්ලන්තය අතර මේ වන විට පැවැත්වෙන ටෙස්ට් තරගයේ දී ශතකයක් රැස්කර ගැනීමට බංගලාදේශයේ සුපිරි පිතිකරු මුෂ්ෆිකර් රහීම් සමත් වුණා.
මෙම තරගය ඔහුගේ සියවෙනි ජ්‍යාත්‍යන්තර ටෙස්ට් තරගය වන අතර එලෙස සියවෙනි ටෙස්ට් තරගයේ දී ශතකයක් රැස් කරගැනීම විශේෂත්වයක්.
මෙම තරගයත් සමඟ ටෙස්ට් තරග සියයක් ක්‍රීඩා කර ඇති මුෂ්ෆිකර් රහීම් ටෙස්ට් තරග සියයක් ක්‍රීඩාකළ පළමු බංගලාදේශ ක්‍රීඩකයා බවට ද පත්වුණා.
මෙලෙස තම සියවෙනි ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කර ගැනීමට සමත් වූ ලෝකයේ 11 වෙනි පිතිකරුවා ලෙස ද මුෂ්ෆිකර් රහීම් වාර්තා අතරට එක්වුණා.
තරගය බංගලාදේශයේ මිර්පූර් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අතර බංගලාදේශය සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවිගොස් ලකුණු 476ක් රැස්කර ගනු ලැබුවා.





