මත්කුඩු ජාවාරමේ සිටි පානදුර කොස්තාපල් මාට්ටු

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරි කරන කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්‌ඨාසය පවසනවා .

පසුගිය 02 වැනිදා තෙබුවන ප්‍රදේශයේ දී මත්කුඩු සමග සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ජාවාරමට පොලිස් නිළධාරියෙක් සම්බන්ධ බවට තොරතුරු හෙළිව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව දුරකථන වාර්ථා විශ්ලේෂණය කිරීමේදී පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයෙක් ඒ සඳහා සම්බන්ධ බවට අනාවරණය වීමෙන් පසු මිරිහාන පොලිස් ඒකකයක පාඨමාලාවක් හදාරමින් සිටි සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එකී ජාලයට තවත් සැකකරුවන් කිහිපදෙනෙක් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවත් , ඔවුන් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසනවා .

අත්අඩංගුවට ගෙන ඇති සැකකාර කොස්තාපල්වරයා කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාලයක් සමග සම්බන්ධවී ජාවාරම් කරගෙන ගොස් ඇති බවට විමර්ශන වලදී අණාවරණය වී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. .

සැකකාර කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් විමර්ශන සිදුකිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11