බොරු පුවතක් ගැන පොලිසියෙන් නිවේදනයක් – බොරු ප්‍රචාර යවන අයටත් වැඩ වරදී

පොලිස් වාර්තා ලබා ගැනීමට අදාළ අයදුම්කරුගේ පදිංචිය තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය වන ග්‍රාම නිලධාරී සහතිකයට අමතරව ග්‍රාම නිලධාරී වසමේ සිවිල් ආරක්ෂක කමිටු (මහජන ආරක්ෂණ කමිටු) සභාපතිවරයා විසින් නිකුත් කල චරිත සහතිකයක් ලබාගත යුතු බවට පොලිසිය විසින් දැනුම් දී ඇතැයි ග්‍රාම නිලධාරී පවසන බවට පුවතක් මාධ්‍ය මඟින් පලවන බව නිරීක්ෂණය වී ඇතිබව පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එසේ සංසරණය වන පුවත සත්‍යයෙන් තොර පුවතක් බවත් පොලිස් වාර්තා ලබා ගැනීමේ නිවැරදි ක්‍රමවේදය නම් කරමින් ශ්‍රී ලනක පොලිසිය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබුණා.

දේශීය රැකියා හා මැද පෙරදිග රටවල් සඳහා යාමට අවශ්‍ය පොලිස් වාර්තාවක් ලබා ගැනීමේ ක්‍රම වේදය නම්, ඒ සඳහා අදාළ පුද්ගලයාගේ ඉල්ලීම් ලිපිය, ග්‍රාම නිලධාරි සහතිකය හා ජාතික හැඳුනුම්පත යන ලේඛණ තම ලිපිනයට අයත් පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ පොලිස් ස්ථානය මඟින් ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශන කටයුතු සිදු කිරීමෙන් පසු කඩිනමින් අදාළ වාර්තාව ලබා දීමයි.

තවද, මැද පෙරදිග නොවන වෙනත් රටවල් වෙත රැකියා, අධ්‍යාපන කටයුතු හා පදිංචිය සඳහා විදෙස් ගත වීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කර පොලිස් වෙබ් අඩවියේ සඳහන්ව ඇති ලේඛණ වල පිටපත් උඩුගත (UPLOAD) කිරීමෙන් පසු නිසි විමර්ශන කටයුතු වලින් අනතුරුව පොලිස් නිෂ්කාශන වාර්තාව නිකුත් කෙරෙනවා.

ඒ අනුව, යම් තැනැත්තෙකු වෙත පොලිස් නිෂ්කාශන වාර්තාවක් නිකුත් කිරීම සඳහා පොලිස් වසමට අදාළ මහජන ආරක්ෂක කමිටු සභාපතිවරයා මඟින් නිකුත් කරනු ලබන චරිතසහතිකයක් නොකැඳවනු ලබන අතර එම පළ වූ පුවත සත්‍යයෙන් තොර මහජනතාව නොමග යවන සුළු පුවතක් බවට පොලිසිය විසින් පෙන්වා දී තිබෙනවා.

තවද, සත්‍යයෙන් තොර මහජනතාව නොමග යවන සුළු මෙවැනි පුවත් පල කිරීම පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන බවයි වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48
Video thumbnail
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ම#ණ දඬුවම
00:51
Video thumbnail
පූජිතට ලැබුණු මරණ දඩුවම ගැන ඇසූ විට මෛත්‍රීපාල සිරිසේනට තද වෙයි
00:31
Video thumbnail
පූජිත්ට දුන්න ම#ණ දඬුවම ගැන අහද්දි මෛත්‍රිපාලට යකා නගියි ?"නෑ නෑ මම වොයිස්කට් දෙන්නේ නෑ"
00:57