තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරලා

නෙල්ලිඅඩි පොලිස් වසමේ කරණවායි ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 29 ක් වූ කරණවායි, නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනයට ලක්වූ පුද්ගලයා අද (19) අලුයම් කාලයේ ලද දුරකතන පණිවිඩයක් මත යතුරුපැදියෙන් නිවසින් පිටව ගොස් ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඔහු නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් මව්පියන් විසින් සොයා බැලීමේදී නිවස ආසන්නයේ මාර්ගයේ කැපුම් තුවාල සහිතව ඔහු වැටී සිටන ආකාරය දැක තිබෙනවා.

එහිදී ඔහුව පේදුරුතුඩුව මන්දගායි රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම පුද්ගලයා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෘත ශරීරය මන්දිගායි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නෙල්ලිඅඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?