චාමර සම්පත්ගේ නඩුවේ මූලික විමර්ශන අවසන් බව අධිකරණයට දන්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් හයක් කල් ඉකුත් වීමේ දිනයට පෙර ඉවත් කර ගැනීමෙන් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව පවරා ඇති නඩුවේ මූලික විමර්ශන අවසන් බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමූවේ අද (18) දන්වා සිටියේය.

සිද්ධියට අදාල නඩුව පෙබරවාරි 20 යළි කැඳවීමටද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය පලාත් සභාවට අයත්ව තිබූ ස්ථාවර තැන්පතු ගිණුම් 6ක් කල්ඉකුත් වීමට පෙර එම බැංකුවෙන් ඉවත්කරගැනීමෙන්, රජයට රුපියල් ලක්ෂ 173ක මුදලක් පාඩු කිරීමෙ චෝදනාව සම්බන්ධව සැකකාර චාමර සම්පත් දසනායක මහතා ඉකුත් මාර්තු මස 27 වැනිදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදා හැර තිබුණා.

සිද්ධියට අදාලව සැකකරුවන් තිදෙනකු අධිකරණයේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !