වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිංකිණි රාජ මහා විහාරස්ථානය අසල පවත්වාගෙන යනු ලබන පෙර පාසලක් සහිත ඉඩම් කොටස පිළිබද පෙර පාසල පවත්වාගෙන යන ගුරුවරියත්, භික්ෂූන් වහන්සේලා ඇතුළු ගම්වාසීනුත් අතර මතබේදාත්මක තත්වයක් නිර්මාණය වී තිබෙනවා.
එම ඉඩම් කොටස නීත්‍යානුකූලව විහාරස්ථානය සතු ඉඩමක් බවට ලියැකියැවිලි තිබියේ දී පෙර පාසල පවත්වාගෙන යන පුද්ගලයන් එම ඉඩමට අයිතිවාසිකම් කීමට නොහැකි බවයි ගම්වාසීන් චෝදනා කරනු ලබන්නේ.
පසුව මෙම ඉඩම් කොටස විහාරස්ථානයට ලබා ගැනීම සඳහා ගම්වාසින්, දායක සභාවේ පිරිස් සහ ස්වාමීන් වහන්සේලා එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී අදාල පෙර පාසලේ පාලිකාව,ඇගේ ස්වාමි පුරුෂයා සහ තවත් පුද්ගලයෙක් කැති පොලු රැගෙන පැමිණි ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිසට පහරදීමට උත්සාහ දරා තිබෙනවා.
කෙසේ වෙතත් පැමිණි පිරිස ඔවුන්ගේ විරෝධය නොතකා අදාළ ඉඩම් කොටස සහිත ප්‍රදේශය වැටක් සවිකර යලි විහාරස්ථානයට එක් කිරීමට පියවර ගෙන තිබුණා..





