අභාවප්‍රාප්ත දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු අද (18) සවස සිදු කිරීමට නියමිතයි.

දකුණු පළාත් ආණ්ඩුකාර නිල නිවසේ තැන්පත් කර ඇති ඒ මහතාගේ දේහයට අද උදෑසන සිට විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටි අතර හම්බන්තොට ඉන්දියානු කොන්සල් ජනරාල් හර්වින්ද්‍ර සිං සිං ද පැමිණ සිටියා.