2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය අදයි.
ඒ, අනුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂ අද (17) දිනයේ විවාදයට ගැනෙනවා.
අයවැය කාරක සභා අවස්ථා විවාදය ලබන දෙසැම්බර් මස පස්වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 05 වනදා පස්වරු 6.00ට පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
පසුගිය 07 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2026 අයවැය දෙවන වර කියවීම පසුගිය සිකුරාදා වැඩි ඡන්ද 118 කින් සම්මත වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





