ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායක ශුබ්මන් ගිල් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
දකුණු අප්‍රිකාවට එරෙහිව කොල්කටා හිදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී බෙල්ලේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු කොල්කටා හි වුඩ්ලන්ඩ්ස් රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ඔහුට දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඉතිරි කාලය අහිමිව යන බවයි ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ගය සඳහන් කළේ.
මේ වනවිටත් විශේෂඥයින් ඇතුළු වෛද්‍ය මණ්ඩලයක් ගිල්ගේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
තරගයේ දෙවන දිනය වූ ඊයේ (15) දිනයේ අතරතුර බෙල්ලේ ආබාධයක් හේතුවෙන් ගිල් කොල්කටාවේ වුඩ්ලන්ඩ්ස් රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
මේ අතර දෙඅරට අතර ගුවහාටි හි ටෙස්ට් තරගයට ද ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයට පවතින බවයි වාර්තා වන්නේ.















