ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක් – මෙන්න නවතම මිල ගණන්

ටින් මාළු සඳහා පැවති උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසිනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

2024 වසරේ දෙසැම්බර් මස 27 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා විසින් අද (15) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

නව ගැසට් නිවේදනයට අනුව,

ටූනා ශුද්ධ බර ග්‍රෑම් 155ක ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 165ක්
ටූනා ශුද්ධ බර ග්‍රෑම් 425ක ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 380ක්
මැකරල් ටින්මාළු ශුද්ධ බර ග්‍රෑම් 155 මිල රුපියල් 210ක්
මැකරල් ටින්මාළු ශුද්ධ බර ග්‍රෑම් 425 මිල රුපියල් 480ක්
ජැක් මැකරල් ටින් මාළු ශුද්ධ බර ග්‍රෑම් 155 මිල රුපියල් 240ක්
ජැක් මැකරල් ටින් මාළු ශුද්ධ බර ග්‍රෑම් 425 මිල රුපියල් 560ක්

ඒ, අනුව මෙම උපරිම සිල්ලර මිල ගණන්වලට වඩා වැඩි මිලට ටින් මාළු විකිණීම කිරීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම සහ ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු වනවා.

03
  1. ධීවර සංථාවට නවීන ධීවරනැව් 5ක් 10 ක් ගන්න කියාපිය ,
    රටවටේම මූද නෙ ?
    රටකින් නය අධාර ඉල්ලලා ගත්තාම මක්වෙනවැයි෴
    සාඩින් කන්නෙ මක්කටෙයි වටේම මූදක් තියාගෙන,!

  2. Tuna maalu kiyanne ape deewara bhaazawen kwlawallantai ema maalu waragayada blue pin saha yellow fin wasayen bedenawa ema waraga mila itha adikai .peasanaya eeka nowei. AlGodiwa saha era walla ema kaandaye rasagina itha adu jathifak bawa pewasenawa ..mema warga deka tin kara tunaaaa kiya pawaseema wa chaawak bawa peenawa ..deewara sansthaawa saha pramithi kaaryaansaya ..paribogikàadikaariya ho adaala aayathanayan kiyanne monawada ?? Keema beema pilibandawa .ese katha kireemen palak netha. Samastha janathawama keema beema pilibandawa kathaakala yuthui .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39