ගම්පොළ පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනයකර තිබෙනවා.
පොලිසිය පවසන්නේ ඊයේ (14) රාත්‍රියේ මෙම අපරාධය සිදුව ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 16ක දැරියක්.
ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
පොලිසිය පවසන්නේ ඝාතනයට ලක්වූ දැරිය සහ අපරධය සිදුකළ සැකකරු සමඟ කලක් ප්‍රේම සම්බන්ධතාවක් පැවති බවට කරුණු අනාවරණය වී ඇති බවයි.
මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.
අපරාධය සිදුකළ සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු ද මිල්ලගහමුල ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 28ක අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














2 worthless scum less for mother lanka…good riddance to bad rubbish …they would otherwise kill other innocents and breed like cats and dogs at tax payers expense at govt hospitals