ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය යටතේ දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අවශ්‍ය ලැප්ටොප්, පරිගණක ඇතුළු තොරතුරු තාක්ෂණික යන්ත්‍රෝපාංග සහ සේවා මිලදී ගැනීමට මෙන්ම නිලධාරීන්ගේ ඒ ආශ්‍රිත ධාරිතා වර්ධනයට රුපියල් මිලියනය බැගින් ලබා දීමට රජය විසින් තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මහජනතාවට වඩා යහපත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබා දීමට හැකි වන පරිදි රාජ්‍ය සේවය නවීකරණය වත්මන් රජයේ ප්‍රමුඛ අපේක්ෂාවකි. ඒ අනුව, යල්පැනගිය ක්‍රමවේද, යන්ත්‍රෝපකරණ වෙනුවට ඩිජිටල් තාක්ෂණය මත පදනම් වූ රාජ්‍ය සේවයක් ගොඩනැගීම උදෙසා මේ වන විට කටයුතු කරමින් සිටියි. තවද, මෙම වැඩපිළිවෙළ කොළඹට පමණක් සීමා නොකර දිවයිනේ සියලුම ප්‍රදේශවල සමස්ත රාජ්‍ය ආයතන පද්ධතිය කරා ක්‍රමයෙන් ව්‍යාප්ත කිරීම රජයේ අපේක්ෂාව බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.















