පද්මේගේ බැංකු ගිණුම් ගැන සොයන්න CIDයට අවසර

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේගේ බැංකු ගිණුම් සහ ඔහුගේ පවුලේ ඥාතීන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු ද සිල්වා අද (14) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් සිද්ධියේ පළමුවැනි සැකකරු වන කෙහෙල්බද්දර පද්මේගේ සහ ඔහුගේ පවුලේ ඥාතීන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අවසර ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී මෙලෙස නියෝග කළා.

මෙම සිද්ධියේ දෙවන සැකකරුගේ බිරිඳගේ වාහනය මුදා හරින ලෙසට එම අවස්ථාවේදී දෙවැනි සැකකරු වෙනුවෙන් අධිකරණය පෙනීී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ස්ථීර මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවා ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලන ලෙස දන්වා සිටියා.

සිද්ධියට අදාළ පළමු සැකකරුගේ බැංකු ගිණුම් පිළිබඳ විමර්ශනය කිරීමට අධිකරණයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමිවූවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ම#ණ දඬුවම - BREAKING NEWS
01:24
Video thumbnail
බුද්ධි තොරතුරු තියෙද්දිත් ක්‍රියාමාර්ග අරගෙන නෑ මේ විත්තිකරු - මරණ දඩුවම ලබාදෙමින් විනිසුරු කියූ දේ
02:21
Video thumbnail
පූජිත්ට ම#ණ දඬුවම දෙමින් සභාපති විනිසුරු කිව්ව දේ මෙන්න - විත්තිකරු තමන්ගේම වගකීම පැහැරහැරලා
02:47
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ම#ණ දඬුවම
00:57
Video thumbnail
බිහිසුණු බයික් අනතුරේ බිහිසුණු අත්දැකීම සහයක රියදුරු කියයි.."ටයර් පුපුරනවා වගේ සද්දයක් ඇහුණේ"
02:40
Video thumbnail
රටම සලිත කළ යතුරුපැදි අනතුර ගැන රියදුරු සිදුවූ සියල්ල හෙළිකරයි - "සතියට දෙපාරක්වත් රේස් යනවා.."
05:09
Video thumbnail
මහ රෑ සිදුවූ බිහිසුණු අනතුර ගැන හිමිකරු පළමු වතාවට හෙළිකළ දේ - "මේ ළමයි එදා රෑ බයික් රේස් පැද්දා"
10:11
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ම#ණ දඬුවම නියම වෙයි - BREAKING NEWS
02:08
Video thumbnail
මර්වින් ලක්ෂ ගණන් දුන්නා කියන නිළිය ගැන හඬ පටයක් එළියට - "මර්වින් සිල්වා ඕකපාතිකව ඉපදුණේ නෑ"
04:39
Video thumbnail
මීගමු බන්ධනාගාර ගැ#ටුමේ පස්වන සැකකරු "ලැම්බා" අධිකරණයට ගෙන එයි - මූණත් වහගෙන එන හැටි
00:48