රුපියල් පන්දහසේ දීමනාව බෙදාදීමේ අවස්ථාවට මන්නා පිහියක් රැගෙන පැමිණ නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බව කියන කාන්තාවක් අද (3දා) හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කාන්තාව මන්නා පිහියක් අතැතිව පැමිණ ඡන්ද නාමලේඛනයට තම නම ඇතුළත් කර දෙන ලෙස ග්‍රාම නිලධාරිවරයාට තර්ජනය කර ඇතැයි පොලිසිය සඳහන් කළා.
ඡන්ද නාමලේඛනයට නම ඇතුළත් නොවන අයට දීමනාව නොලැබෙන නිසා මෙලෙස නම ඇතුළත් කරන ලෙස ඇය තර්ජනය කර තිබෙනවා.














රටෙ පුරවැසියෙක්නෙ… නොකා නොබී ඉන්න බැහැනේ… පව් කොයි තරම් ඇතිද දරුවන්ට කන්න බොන්න දෙන්න නැතිව අසරණ මිනිසුන්