ඊයේ පරික්ෂා කළ තිස් දහසක් අතරින් 660 දෙනෙක් අත්අඩංගුවට

පොලිසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි සිදු කරගෙන යනු ලබන අපරාධ සහ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සඳහා වන විශේෂ මෙහෙයුම් මඟින් ඊයේ (13) වන දිනය තුළදී පුද්ගලයින් 30,515ක් පරික්ෂාවට ලක් කළ බව පොලිසිය නිවේදනය කර තිබෙනවා.

එලෙස පරීක්ෂාවට ලක් කළ පුද්ගලයින් අතරින් සැකපිට 660 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 18 දෙනෙක් ද සිටින බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?