රජය විසින් සිදු කිරීමට යෝජනා කර තිබෙන පාසල් පවත්නා කාල සීමාව පස්වරු 02.00 වනතුරු දීර්ඝ කිරීම ඇතුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමට රජය බල කරමින් ලබන දෙසැම්බර් 12 වැනිදා වෘත්තීය සමිති රැසක සහභාගිත්වයෙන් දිවයින පුරා විශාල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා.
ඊයේ (13) එම සංගමය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මේ පිළිබද අන්වරණ වුණා.
මේ වන විට ආණ්ඩුවට සහය දක්වන වෘත්තීය සමිති පවා පාසල් කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සිය අකමැත්ත ප්‍රකාශ කර ඇති බවත් එම කිසිඳු තත්වයක් සැලකිල්ලට නොගනිමින් රජය විසින් පාසල් කාලය දීර්ඝ කිරීමට අදාළ යෝජිත කල සටහන් පවා නිකුත් කර ඇති බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් වැඩිදුරටත් පවසා සිටියා.
එමෙන්ම මෙම අධ්‍යාපන ප්‍රතිසංසකරණ තවදුරටත් රජය හකුළා නොගන්නේ නම් දෙසැම්බර් 12 වෙනිදාට පසුවද දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වීමට වෘත්තීය සමිති සූදානම් බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළා.















