පසුගිය 09 වැනිදා පානදුර දකුණ පොලිස් වසමේ සමුද්‍ර මාවතේදී පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද හෙරොයින් වැටලීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පානදුර දකුණ පොලිස් ස්ථානයේ රඳවා ගෙන වැඩිදුර විමර්ශන සිදු කර තිබෙනවා.
ඒ අනුව ඔවුන්ගෙන් ලබාගත් ප්‍රකාශ මත පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (12) දින සවස් කාලයේදී පානදුර දකුණ පොලිස් වසමේ පිංවල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 910 ක් සමඟ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන පානදුර දකුණ පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ බවට පොලිසිය පවසනවා.
මෙලෙස ඊයේ දිනයේ අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 54 ක් වන පිංවල, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.





