BYD වාහන 625ක් නිදහස් කරන ලෙසට රේගුවට නියෝග

අදාළ ආයතනික ඇපකර සහ බැංකු ඇපකරවලට යටත්ව රේගුව විසින් රඳවාගෙන සිටින BYD වාහන 625ක් කඩිනමින් නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය ශ්‍රී ලංකා රේගුවට (SLC) නියෝග කළේය.

John Keells CG Auto (Pvt) Ltd විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් කිහිපයක් විභාගයට ගත් අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු K. ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් මෙම නියෝගය ලබා දී ඇත.

රේගුව තනි මතයට පාරිභෝගිකයින් වෙත නිදහස් කිරීම් සඳහා ඉඩ නොදී රඳවා තබා ගෙන ඇති ඇතැම් BYD වාහන මාදිලිවල මෝටර් ධාරිතා ගැටලුව පිළිබඳව මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේ පහත සඳහන් වාහන මාදිලි අදාළ ඇපකර මත අධිකරණ නියෝගයට අවනත වෙමින් මුදා හරින බවයි.

ඒ අනුව BYD Atto 2 Premium–70kw, BYD Atto 1 Dynamic–45kw, BYD Atto 1 Premium–45kw, සහ BYD Dolphin Dynamic–70kw. යන මෝටර් රථ මාදිලි ධාරිතාවන්ට අදාළ ඇපකර යටතේත්, BYD Dolphin Standard – 49kw සහ BYD Sealion 7-100kw ධාරිතා යටතේ අදාළ ඇපකර මත මුදා හැරීමට ද රේගුවට නියෝග කළේය.

එලෙසම BYD Atto 1 Dynamic වාහන 130ක් සහ BYD Atto 1 Premium වාහන 74ක්, BYD Dolphin Standard – 49kw වාහන 232ක් සහ BYD Sealion 7-100kw වාහන තුනක් ද ඇපකර මත නිකුත් කිරීමට නියෝග කෙරිණි.

මේ අතර, BYD වාහන කිහිපයක් ඒවායේ මෝටර් ධාරිතාව පරීක්ෂා කිරීම පහසු කිරීම සඳහා තව දුරටත් රේගු භාරයේ පවතින බව අධිකරණයට දැනුම් දෙන ලදී.

මෙහි දී විශේෂයෙන් පෙත්සම්කරුවන් වන මෙරට BYD බලයලත් එකම නියෝජිත John Keells CG Auto (Pvt) Ltd වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆර්සානා ජමීල් මහත්මිය ශ්‍රී ලංකා රේගු ආයතනයට වාහන නිදහස් කරන ලෙසත් අදාළ නඩු කටයුතුවල පිටපත් පෙත්සම්කරුවන්ට ලබා දෙන ලෙසත් නියෝගයක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය එකඟ වූ ඇපකරවලට අනුව එම වාහන කඩිනමින් පෙත්සම්කරුවන් වෙත මුදාහරින ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝග කළා.

ජාත්‍යන්තර පරීක්ෂණයකින් තොරව දේශීය පරීක්ෂණයකට අර අදිමින් සිටීම හේතුවෙන් මෙම BYD වාහන සඳහා අදාළ සමාගම හරහා මෝටර් රථ පෙර ඇණවුම් කරන ලද විශාල පිරිසක් අපහසුතාවයට පත්වනු දැකිය හැකි වූ අතර එමගින් එම ආයතනයත්, රාජ්‍ය යාන්ත්‍රණයත් අපහසුතාවයට ලක් වීමට කරුණු යෙදුණා.

රේගුවේ මෙම ප්‍රමාදයට එරෙහිව පසුගිය දා එම පාරිභෝගිකයින් උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට ද පියවර ගත් අතර එහිදී ඔවුන් වහාම සිය ඇණවුම් ලබා ගැනීම සඳහා වාහන නිදහස් කරන ලෙස බලධාරීන්ට බල කර සිටියා.

මින් ඉහතදී ද අධිකරණය මෙම ක්‍රමවේදය හරහා ජනතාවට සිදුවන අපහසුතාවය සහ ආයතනයට සිදුවන අපහසුතාවය පිළිබඳවද සැලකිලිමත් විය යුතු බව සඳහන් කර තිබෙනවා.

මෙම සියලු කරුණු කාරණා සමඟ අදාළ සමාගම විසින් ඉදිරිපත්කර තිබු පෙත්සම් ගැඹුරින් සලකා බැලීමෙන් අනතුරුව වාහන තොගය නිදහස් කිරීම සඳහා අධිකරණය නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
19
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළිඳකට වැ#ණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි
00:26
Video thumbnail
ළිඳකට වැටුණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි - "එන්න Try කරන්නේ..බකට් එකේ එ#ල්ලිලා එනවා"
03:18
Video thumbnail
විශ්වවිද්‍යාල කොමිසම වඳුරට දැලි පිහිය හම්බවුණා වගේ වැඩ කරන්නේ - මේකද අධ්‍යාපනයට දෙන තටු ?
07:12
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11
Video thumbnail
'සමුද්‍රවිජය' යුද නෞකාව ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
05:20
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33