නවදිල්ලි අගනුවර පිපිරීමෙන් මියගිය ගණන 09ක් දක්වා ඉහළට

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටි සුප්‍රකට රතු බලකොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (10) පස්වරුවේ සිදු වූ ප්‍රබල පිපිරීමෙන් මියගිය ගණන 09ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

මෙම පිපිරීමෙන් තවත් පුද්ගලයින් 20ක් පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රතු කොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල සුදු පැහැති හුන්ඩායි i20 මෝටර් රථයක පිපිරීම සිදුව ඇති අතර, පිපිරීමෙන් අසල තිබූ මෝටර් රථවලට හානි සිදුව තිබෙනවා.

මෙම පිපිරීමත් සමඟ නවදිල්ලි අගනුවර පිහිටි රජයේ ගොඩනැගිලි, ගුවන්තොටුපළ ඇතුළු ප්‍රධාන මර්මස්ථානවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතරනවදිල්ලියේ රතු බලකොටුව අසල සිදුවූ පිපිරීමට පෙර එම ස්ථානයේ සිට 50kmක් දුරින් පිහිටි ෆරිදාබාද් ප්‍රදේශයේ නිවාස 02ක් තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය කිලෝ 2900ක් සොයාගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සඳහන් කළේ විමර්ශකයින් පිපිරීම පිටුපස ඇති සියලු හැකියාවන් ගවේෂණය කරමින් සිටින බවයි.

මෙම පිපිරීමට හේතුව නිශ්චිත වශයෙන් තවමත් තහවුරු කර නැහැ.

මේ අතර පිපිරීමට ලක් වූ මෝටර් රථයේ ගමන් මග පිළිබඳව විමර්ශන නිලධාරීන් විමර්ශනය කරමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12