හෝටලයක පිහිනුම් තටාකයක ගිලී දරුවෙක් ජීවිතක්ෂයට

සීගිරිය පොලිස් වසමේ අවුඩංගාව ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයක ගිලී දරුවෙක් මියගොස් තිබුණා.

ඊයේ (08) පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ කැළණිය, දළුගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහක දරුවෙක්.

මෙම දරුවා දෙමව්පියන් සමඟ පිහිනුම් තටාකයේ දියනාමින් සිටියදී දියේ ගිලී අනතුරට ලක්ව ඇති අතර, එම දරුවා දඹුල්ල රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සීගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?