වැසිකිළි වළෙන් ගොඩට ගත් නිසළ සිරුර

ගම්පහ, ඉදුරුගල්ල ප්‍රදේශයේ නිවසක් තුළදී ඝාතනයකර එම නිවස පිටුපස වැසිකිළිවලට දමා තිබූ පුද්ගල මළ සිරුරක් අධිකරණ නියෝග මත ගම්පහ පොලිසිය විසින් අද (08) ගොඩගනු ලැබුවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉදුරුගල්ල ප්‍රදේශයේම පදිංචිව සිටි 61 හැවිරිදි විවාහක අයෙක් බව පොලිසිය සඳහන් කළා.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 08 වන දින ඝාතනය සිදුවූ නිවස තුළ එම නිවසේ පදිංචිකරු සහ ඒ අවට නිවෙස් වල පදිංචිකරුවන් තිදෙනෙක් මත්පැන් පානයකර ඇති අතර එහිදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් එම නිවසේ පදිංචිකරු සහ තවත් අයෙක් විසින් මත්පැන් සාදයේ සිටි එක් පුද්ගලයෙක්ට ඇඳපොළකින් පහරදී ඝාතනයකර නිවස පිටුපස වැසිකිලිවලට දමා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පසුව ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සොහොයුරකු විසින් අතුරුදන් වීමක් සම්බන්ධව ගම්පහ පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පහරදීම සිදුකළ දෙදෙනා සහ අනිත් පුද්ගලයා ගම්පහ කොට්ඨාශ විශේෂ විමර්ශන ඒකකය මගින් පෙරේදා (06) අත්අඩංගුවට ගෙන පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින තුනක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබාගෙන තිබුණා..

එහිදී අදාළ සැකකරුවන් තිදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඝාතනයේ සුළ මුල සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.

පූගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අනුර සුමනසේන මහතාගේ සහ වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ අධීක්ෂණ යටතේ සිරුර කොටස් ගොඩ ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුන්ට මො#යක් නෑ..බලය ගත්තට පිස්සන්කොටුව වගේ..අපිලාගේ සාදුට යකා නගියි
09:53
Video thumbnail
සජිතුයි රනිලුයි ඉක්මණින් එකතුවෙන්න ඕනේ
05:16
Video thumbnail
තෙල් මිල බරපතළ ලෙස අඩුවෙලා - මාර්තු මාසේ එකතු කරගත්ත ධනය ආපහු ජනතාවට දෙන්න
02:28
Video thumbnail
රට ඉඳලා ආපු තාත්තා ගෙදරට යද්දී මහ මඟ නූලෙන් බේරිලා
02:05
Video thumbnail
වැටෙනකම් තමා හැමෝම මෙහෙම කියන්නේ - දයාසිරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
01:38
Video thumbnail
මහ පාර මැද යකා නටපු කතුන් දෙන්නගේ වලිය - "අනේ ගො# ගෑණි - පලයන් ගෑණියේ යන්න"
01:06
Video thumbnail
මානව හිමිකමට ආ සලේගේ බිරිඳ පිටව ගිය හැටි
01:32
Video thumbnail
සීනි සමාගමෙන් ලැබෙන ආදායමෙන් කොහොමත් ණය ගෙවන්න බෑ - දිගින් දිගටම පාඩු වෙනවා නම් සාර්ථකද ?
03:22
Video thumbnail
ජොන්ස්ටන්ගේ හෝටලේට හදිසියේම පොලිසියෙන් කඩා පැනලා
01:51
Video thumbnail
නීතිපති එක තාම තියෙන්නේ රනිල්ගේ යටතේද ? මාධ්‍යය ඉස්සරහා කියන එක තේරුමක් නෑ
01:41