මොණරාගල මැදිරිය ප්‍රදේශයේ දී තම දියණිය දූෂණයකර වසර විස්සක පමණ කාලයක් සැඟව සිටි පියෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සැඟව සිටින කාලය අතරතුර මේ සම්බන්ධ නඩුව මොණරාගල මහාධිකරණයේ විභාග වී ඇති අතර එම නඩුවේ තීන්දුව ලබා දෙමින් සැකකරුව වරදකරු බවට පත්කරමින් දඩුවම් නියම කිරීමට මොණරාගල මහ අධිකරණය කටයුතු කර තිබුණා.
එහිදී මෙම සැකකරු සියලු චෝදනාවලට වරදකරු කරමින් මහාධිකරණය මගින් දඩුවම් නියමකර ඇති අතර එහිදී සැකකාර පියාට එරෙහිව බරපතල වැඩ සහිත වසර විස්සක සිර දඩුවමක්, රුපියල් පනස් දහසක දඩයක්, එම දඩය නොගෙවන්නේනම් තවත් බරපතල වැඩ සහිත වසර විස්සක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
කෙසේ වෙතාත් සැකකරු වසර විස්සක පමණ කාලයක් සැඟව සිටීම නිසා පොලිසිය සැකකරු සොයා විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරු මතුරට ප්‍රදේශයේ සැඟව සිටියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.
සැකකරු වයස අවුරුදු පනස් හයක පුද්ගලයෙක් වන අතර මෙලෙස අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු මොණරාගල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවයි.





