ගණේමුල්ල සංජීව ඝාතනයේ විමර්ශනය ගැන අධිකරණයෙන් වාර්තාවක් කැඳවයි

ගණේමුල්ල සංජීව ඝාතන සැලැස්ම පිටිපස ප්‍රධානපෙළේ සංවිධානත්මක අපරාධකරුවන් 9 දෙනකු සිටින බවට විමර්ශනවලින් කරුණු අනාවරණ වී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (07) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දැනුම් දුන්නා.

කොළඹ අපරාධ කොට්ඨාශයය සිද්ධියට අදාළව වැඩිදුර බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් ඒ බව දන්වා සිටියා.

නඩුව කැඳ වූ අවස්ථාවේ සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවන් 5 දෙනෙකු බූස්ස බන්ධානාගරය මඟින් ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළා.

පහලොස්වන සැකකාර ඉෂාරා සෙව්වන්දි හට පලා යාමට අධාර අනුබල දීම මත රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් 3ක් සහ සැකකාරියන් 2ක් බන්ධනාගාර නිළධාරින් විසින් විවෘත්ත අධිකරණයට ඉදිරිපත් කළා.

සිද්ධියට අදාළව එම ප්‍රධානපෙළේ සැකකරුවන් 9 දෙනා සිද්ධියට අදාළව 28 වන සැකකරු සිට 36 සැකකරු දක්වා නම් කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැන්වුවා.

එම නම් කරන ලද සංවිධානත්මක සැකකරුවන් 9 දෙනා අතරින් සිව්දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුවා.

අනෙක් නම් කරන ලද සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුට ගෙන අධිකරණට ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බව විමර්ශන නිළධාරින් අධිකරණයට දන්වා සිටියා.

සිද්ධියට අදාලව නම් කරන ලද 35 වැනි සැකකරු පෑලියගොඩ අපරාධ කොට්ඨාශය මගින් සිදු කරන ලද වෙනත් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

මෙම සිද්ධියට අදාළව අනෙක් සැකකරුවන් පිළිබඳව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට සහ අලුත් කඩේ අංක 8 අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වර්තා කර තිබෙන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුවා.

මෙම සිද්ධියට අදැළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ට එරෙහිව ඇති අපරාධ චෝදනා සම්බන්ධයෙන් වෙන් වෙන්ව අධිකරණයට වර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් නියම කළා.

සිද්ධියට අදාළව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශනයේ ප්‍රගතිය නොවැම්බර් 21 කැඳවන ලෙස නියෝග කරමින් සැකකරුවන් රක්ෂිත එදින තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ අයගේ අතීතය මතක් කරලා චානක කිව්ව දේ..මුදල් අරබුදයක් නෑනේ..බඩු මල්ල දුන්නනම් හොඳයි
03:29
Video thumbnail
ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:29
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:52
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39