ලබන 21 වන දින රැළියට සහභාගී නොවන බව ජාතික නිදහස් පෙරමුණ කියයි

විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක එකතුවකින් නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන ආණ්ඩු විරෝධී රැළිය, සඳහා ජාතික නිදහස් පෙරමුණ සහභාගී නොවන බව එම පක්ෂය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

ආණ්ඩුවට අදාළ තීරණාත්මක කරුණු පිළිබඳව නිශ්චිත එකඟතාවකින් තොර සහ ඊට ප්‍රතිවිරුද්ධ පුළුල්, නිවැරදි වැඩපිළිවෙලක් පිළිබඳ එකඟතාවයකින් තොරව මෙම රැළිය පවත්වන් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව සරල හා පටු ආණ්ඩු විරෝධය වෙනුවට, ගැඹුරු හා අර්ථවත් ආණ්ඩු විරෝධයත්, ඒ මත ගොඩනැගෙන විකල්ප ප්‍රතිපත්තිමය පදනම මත සිදු කෙරෙන දියුණු මගපෙන්වීමක් ජාතියට අත්‍යවශ්‍ය වී ඇති බව අපි දැඩිව විශ්වාස කරන බැවින්, නොවැම්බර් 21 දින පැවැත්වීමට නියමිත රැළිය සඳහා එම පක්ෂය සහභාගී නොවීමට තීරණය කර ඇති බව එම නිව්දනයේ වැඩිදුරටත් සඳහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
20
+1
0
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?