ලබන 21 වන දින රැළියට සහභාගී නොවන බව ජාතික නිදහස් පෙරමුණ කියයි

විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක එකතුවකින් නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන ආණ්ඩු විරෝධී රැළිය, සඳහා ජාතික නිදහස් පෙරමුණ සහභාගී නොවන බව එම පක්ෂය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

ආණ්ඩුවට අදාළ තීරණාත්මක කරුණු පිළිබඳව නිශ්චිත එකඟතාවකින් තොර සහ ඊට ප්‍රතිවිරුද්ධ පුළුල්, නිවැරදි වැඩපිළිවෙලක් පිළිබඳ එකඟතාවයකින් තොරව මෙම රැළිය පවත්වන් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව සරල හා පටු ආණ්ඩු විරෝධය වෙනුවට, ගැඹුරු හා අර්ථවත් ආණ්ඩු විරෝධයත්, ඒ මත ගොඩනැගෙන විකල්ප ප්‍රතිපත්තිමය පදනම මත සිදු කෙරෙන දියුණු මගපෙන්වීමක් ජාතියට අත්‍යවශ්‍ය වී ඇති බව අපි දැඩිව විශ්වාස කරන බැවින්, නොවැම්බර් 21 දින පැවැත්වීමට නියමිත රැළිය සඳහා එම පක්ෂය සහභාගී නොවීමට තීරණය කර ඇති බව එම නිව්දනයේ වැඩිදුරටත් සඳහන් වුණා.

  1. මේක රට ගැන සහ සුවාසු දහසක් ජනතාවගේ ආරක්ෂාව පිළිබදව සිතලා ගත්තු යහපත් තීරණයක්… විමල්ගේ පක්ෂය 21 නුගේගොඩ රැලියට සහභාගී වෙනවානම් මුළු රටේ හතර දිග්භාගයේන්ම ලක්ෂ ගණන් ජනතාව වැලනොකැඩී ඇවිත් පාලනය කරගන්න බැරිව අර ඉන්දියාවේ වගේ තෙරපිලා හුගාක් මිනිස්සු මැරෙනබව දැනගෙන මේ ප්‍රගතිශීලි තීරණයක් අරගෙන තියෙන්නේ… ස්තුතියි විමල්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06