පාකිස්ථානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ලබන සතියේ ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – පාකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහ ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාබ්වේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන විස්සයි විස්ස තුන්කොන් තරගාවලිය සඳහා එක්වන ජාතික කණ්ඩායමේ එක්දින හා විස්සයි විස්ස සංචිත අද (07) පස්වරුවේ නම් කරනු ලැබුවා.

ඒ අනූව පාකිස්ථානය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙනෙකුගේ සංචිතයක් නම් කර තිබෙනවා.

එම සංචිතය වනුයේ නායක චරිත් අසලංක, පැතුම් නිස්සංක, ළහිරු උදාර, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, ,වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුෂාන්, එෂාන් මාලිංග.

එක්දින සංචිතයට නම් කර තිබූ දිල්ෂාන් මදුශංක දණහිසේ ආබාධයකින් සුවය ලබමින් සිටින බැවින් සංචාරයට එක් නොවන අතර, ඊෂාන් මාලිංග ඔහුගේ ආදේශකයා ලෙස නම් කර තිබෙනවා.

තුන්කොන් විස්සයි විස්ස තරගාවලිය සඳහා නායක චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිල් මිෂාර, දසුන් ශානක – උප නායක, කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, ඊෂාන් මාලිංග එක්වනවා.

T20I සංචිතයට නම් කර තිබූ මතීෂ පතිරණ, උගුරේ ආසාදනයකින් (URTI) සුවය ලබමින් සිටින බැවින් සංචාරයට එක් නොවන අතර, අසිත ප්‍රනාන්දු ඔහුගේ ආදේශකයා ලෙස නම් කර තිබෙනවා.

ඒ අනුව මෙම ක්‍රීඩකයන් හෙට (08) පාකිස්තානය බලා පිටත්ව වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
08:05:07
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට හොඳම එකෙන් පාඩම් කියලා දෙයි - තොරතුරු වසන් කරපු අය ආණ්ඩුවේ Best Friends
09:18
Video thumbnail
භෞතික චිකිත්සකවරිය ඝා#නයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරයි - දරුවත් අරගෙන බස් එකට නගින හැටි
01:16
Video thumbnail
සරත් ෆොන්සේකාගේ නිල නිවසේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් විවෘත කළා - වටගල ගැම්මට කිව්ව කතාව
03:59
Video thumbnail
ලබන 30 සිට ග්‍රාම සේවා නිලධාරීන් දිවයින පුරා ලෙඩ නිවාඩු වාර්තා කරනවා - රජය එක්ක අපිට කිසිම තරහක් නෑ
05:48
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි - පාර මැද මුන් යනවා
02:49
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි..ජනපතිට සැර සත්තමක් - ජනපතිතුමා මේ මොන නීතියක්ද ?
05:34
Video thumbnail
ඊයේ එක ගලයි ගැ#හුවේ කුරුල්ලෝ සෙට් එකක්ම බිම - නාමල් හදිස්සි වෙන්න එපා නම කතා කරනකල් ඉන්න
04:59
Video thumbnail
සජිත් වෙනුවෙන් පෙරට ආ අජිත්ට යකා නගියි - මන්ත්‍රීතුමිය සජිත්ගේ නංගි ගැන කිව්වේ සම්පූර්ණයෙන් බොරුවක්
07:17
Video thumbnail
මේ බලන්න පණුවෝ දඟලනවා - "ඊයේ වැස්සට වෙන්න ඇති..රෑත් සුද්ද කළා අපි"..සිංහපුර ඩෙංගු පරීක්ෂාව
05:24