මේ වන විට ජනාධිපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය කතාව පවත්වමින් සිටිනවා.
එහිදී ජනාධිපතිවරයා විසින් පහත කරණු සඳහන් කරනු ලැබුවා.
- සුරතල් සතුන් භුමදානය කිරීම, ආදාහනය කිරීම සහ වීදි සතුන් රැක බලා ගැනීම සඳහා සේවා සැපයීම දිරිමත් කිරීමේ අරමුණින්, කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශයන්හි පළාත් පාලන ආයතනයන් හි නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 100ක්.
- පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම, පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ආදායම් උත්පාදනය වැඩසටහනේ සඳහා රුපියල් මිලියන 2,500 ක් වෙන් කර තිබෙනවා.
- ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන සඳහා මිලියන 900ක්.
- රත්නපුර පැරණි නගරයේ පිහිටා ඇති රජයේ නිල නිවාස නව නගර ප්‍රදේශයට නැවත ස්ථානගත කිරීමට යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 500 ක්.
- හැටන් නගරයේ අධික තදබදයට සුදුසු පිළියම් ලබා දීම සඳහා කෙටිකාලීන කඩිනම් විසඳුමක් ලබා දීමටත් යෝජනා කරනවා. මේ සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 500ක්.
- මාතලේ නගරයට පිවිසීමේ දී දැනට තිබෙන තදබදය අඩු කිරීම සඳහා මං තීරු ප්‍රමාණය මං තීරු 4 දක්වා පුළුල් කිරීමටත් ඒ සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීම හා නගර සැලැස්ම සකස් කිරීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා.
- යාපනය, ඇහැලියගොඩ, මඩකලපුව, හලාවත, මාතර, ඇතුළු දිවයින පුරා හඳුනාගත් නගර 10ක සංවර්ධන ව්‍යාපෘති සඳහා ඒ සඳහා රුපියල් මිලියන 2,000 ක් සූදානම් කර ඇති අතර එය අවශ්‍යතාව හා ප්‍රගතිය අනුව මුදාහැරීමට කටයුතු කරනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
11
+1
+1
+1
1
+1














