මේ වන විට ජනාධිපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය කතාව පවත්වමින් සිටිනවා.
එහිදී ජනාධිපතිවරයා විසින් පහත කරණු සඳහන් කරනු ලැබුවා.
- කුඩා වැව්, ඇළ මාර්ග සහ එල්ලංගා පද්ධති වැඩිදියුණු කිරීම හා පුනරුත්ථාපනය වෙනුවෙන් රුපියල් මිලියන 8,350ක්, ඒ යටතේ වැව් 650 ක් සහ ඇළ මාර්ග කිලෝමීටර් 350 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීමට අපේක්ෂා කරනවා.
- වාරිකර්මාන්තය නඟා සිටුවීම සඳහා රුපියල් මිලියන 91,700ක්
- මුන්දෙනි ආරු ව්‍යාපෘතියේ මුලික වැඩ කටයුතු ආරම්භ කරමින් ව්‍යාපෘතියේ වැඩ නැවත ආරම්භ කිරීම සඳහා මෙවර අයවැය මඟින් රුපියල් මිලියන 50 ක .
- පහළ මල්වතු ඔය බහුකාර්‌ය සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා රුපියල් මිලියන 5,000ක්.
- මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 34200ක්. මධ්‍යම අධිවේගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා ඉදිකිරීම් වලට රුපියල් මිලියන 10500ක්.
- මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 34200ක් වෙන්කරනවා.
- පෞද්ගලික අංශයේ ප්‍රවාහන සේවා සපයන්නන් වෙත රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන.
- දුම්රිය සේවයට නව ඩීසල් බලවේග කට්ටල 05ක් ලබා ගැනීමට රුපියල් මිලියන 3300ක්.
- කාර්යක්ෂම ගමනාන්තයක් වැඩසටහන යටතේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 67200ක්.
- දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති වලට මිලියන 85700ක්.
- මාතර නිල්වලා ලවන බාධකයේ ගැටලු විසඳීමට රුපියල් මිලියන 1000ක්.
- ගංවතුර තර්ජනයට කෙටි කාලීන විසඳුම් සෙවීමට රුපියල් මිලියන 250ක්. ගංවතුර පාලනය සඳහා රුපියල් මිලියන 500ක්.
- සේනානායක සමුද්‍රයේ සොරොව්ව ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම ඇතුළුව, ගල්ඔය, රාජාංගනය, හුරුළු වැව, මින්නේරිය වැව ඇතුළු අනෙකුත් ඇල වේලි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 6,500ක්.
- චන්ද්‍රිකා තාක්ෂණයෙන් මත්ස්‍යයින් සිටින තැන් හඳුනා ගැනීමේ වැඩපිළිවෙළට මිලියන 100ක් වෙන්කිරීමට යෝජනවා.
- පසු අස්වනු හානි අවම කිරීමට මිලියන 500යක්.
- ධීවර ජීවිතාරක්ෂක උපකරණ ලබාදීමට මිලියන 100ක් වෙන් කරනවා.
- වාලච්චේන ධීවර වරායේ වැඩිදියුණු කිරීම් සඳහා මිලියන 350ක්.
- ධීවර වරාය කිහිපයක් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරනවා.
- අක්කර පහට අඩු පොල් ඉඩම් හිමියන් දිරි ගැන්වීමේ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන 2500ක්.
- උතුරු පොල් ත්‍රිකෝණය කටයුතු සඳහා රුපියල් මිලියන 600ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1





