දුම්රිය සේවයට නව ඩීසල් බලවේග කට්ටල 05ක් ලබා ගැනීමට මිලියන 3300ක් – ජනපති

මේ වන විට ජනාධිපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය කතාව පවත්වමින් සිටිනවා.

එහිදී ජනාධිපතිවරයා විසින් පහත කරණු සඳහන් කරනු ලැබුවා.

  • කුඩා වැව්, ඇළ මාර්ග සහ එල්ලංගා පද්ධති වැඩිදියුණු කිරීම හා පුනරුත්ථාපනය වෙනුවෙන් රුපියල් මිලියන 8,350ක්, ඒ යටතේ වැව් 650 ක් සහ ඇළ මාර්ග කිලෝමීටර් 350 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීමට අපේක්ෂා කරනවා.
  • වාරිකර්මාන්තය නඟා සිටුවීම සඳහා රුපියල් මිලියන 91,700ක්
  • මුන්දෙනි ආරු ව්‍යාපෘතියේ මුලික වැඩ කටයුතු ආරම්භ කරමින් ව්‍යාපෘතියේ වැඩ නැවත ආරම්භ කිරීම සඳහා මෙවර අයවැය මඟින් රුපියල් මිලියන 50 ක .
  • පහළ මල්වතු ඔය බහුකාර්‌ය සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා රුපියල් මිලියන 5,000ක්.
  • මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 34200ක්. මධ්‍යම අධිවේගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා ඉදිකිරීම් වලට රුපියල් මිලියන 10500ක්.
  • මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 34200ක් වෙන්කරනවා.
  • පෞද්ගලික අංශයේ ප්‍රවාහන සේවා සපයන්නන් වෙත රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන.
  • දුම්රිය සේවයට නව ඩීසල් බලවේග කට්ටල 05ක් ලබා ගැනීමට රුපියල් මිලියන 3300ක්.
  • කාර්යක්ෂම ගමනාන්තයක් වැඩසටහන යටතේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 67200ක්.
  • දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති වලට මිලියන 85700ක්.
  • මාතර නිල්වලා ලවන බාධකයේ ගැටලු විසඳීමට රුපියල් මිලියන 1000ක්.
  • ගංවතුර තර්ජනයට කෙටි කාලීන විසඳුම් සෙවීමට රුපියල් මිලියන 250ක්. ගංවතුර පාලනය සඳහා රුපියල් මිලියන 500ක්.
  • සේනානායක සමුද්‍රයේ සොරොව්ව ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම ඇතුළුව, ගල්ඔය, රාජාංගනය, හුරුළු වැව, මින්නේරිය වැව ඇතුළු අනෙකුත් ඇල වේලි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 6,500ක්.
  • චන්ද්‍රිකා තාක්ෂණයෙන් මත්ස්‍යයින් සිටින තැන් හඳුනා ගැනීමේ වැඩපිළිවෙළට මිලියන 100ක් වෙන්කිරීමට යෝජනවා.
  • පසු අස්වනු හානි අවම කිරීමට මිලියන 500යක්.
  • ධීවර ජීවිතාරක්ෂක උපකරණ ලබාදීමට මිලියන 100ක් වෙන් කරනවා.
  • වාලච්චේන ධීවර වරායේ වැඩිදියුණු කිරීම් සඳහා මිලියන 350ක්.
  • ධීවර වරාය කිහිපයක් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරනවා.
  • අක්කර පහට අඩු පොල් ඉඩම් හිමියන් දිරි ගැන්වීමේ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන 2500ක්.
  • උතුරු පොල් ත්‍රිකෝණය කටයුතු සඳහා රුපියල් මිලියන 600ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00