තලවතුගොඩ ශ්‍රී ජයවර්ධන රෝහල් පාරේ පිහිටි හෝටලයක ඊයේ (06) රාත්‍රියේ ඇති වූ ගින්න හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙක් රෝහල් ගතකර තිබෙනවා.
ගින්නත් සමඟ දුම ආග්‍රහණයවීමෙන් එම පුද්ගලයින් දෙදෙනා ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඊයේ (06) පස්වරු 7.30ට පමණ හෝටලයේ දෙවන මහලේ මෙම ගින්න ඇතිව ඇති අතර, එම අවස්ථාවේ දී එහි ගෑස් සමාගමක සම්මාන උත්සවයක් පැවති බවයි වාර්තා වුණේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ යොදවා තිබුණා.
විදුලි කාන්දුවක් මෙම ගින්නට හේතු වී ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.
තලංගම පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
1
+1
2
+1















