දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා ලබාදෙන වවුචර වෙනුවට ප්‍රමිතියෙන් යුතු දේශීයව නිෂ්පාදිත පාසල් පාවහන් ලබාදීම වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් අද කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
මෙම නියමු ව්‍යාපෘතිය බස්නාහිර හා දකුණු පළාතේ පාසල් 1266 ක පාසල් ළමුන් 145723 ක් සඳහා ක්‍රියාත්මක වන අතර මෙය ක්‍රියාත්මක කිරීමෙන් වසරක වගකීමක් සහිත ප්‍රමිතියෙන් යුතු පාවහන් 50ක් ලබා දීමටත් එක් පාවහන් යුගලක් සඳහා රුපියල් 2100.00 ක මුදලක් පමණක් ලබා ගැනීමටත්, දේශීය පාවහන් නිෂ්පාදන සමාගම් එකඟ වූ අතර ඒ මගින් රුපියල් මිලියන 140කට ආසන්න මුදලක් ඉතිරිකර ගැනීමට නියමිතය. එම ඉතිරි කරන ලද මුදලින් මෙම පළාත් දෙකේ තවත් පාසල් දරුවන් 62481 කට පාවහන් ලබාදීමටද සාකච්ඡා කෙරුණා.
මෙම ව්‍යාපෘතිය සඳහා සැපයුම්කරුවන් තේරීමේදී කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි දේශීය පාවහන් නිෂ්පාදකයන් පමණක් තෝරා ගැනෙන අතර පාවහන් නිෂ්පාදකයන් තෝරාගත් පාසල්වලට පැමිණ පාසල් ළමුන්ට ප්‍රමාණයෙන් ගැලපෙන පාවහන් ලබාදීමට එකඟ වුණා.
මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කර්මාන්ත අමාත්‍යාංශයේ සම් භාණ්ඩ නිෂ්පාදන උපදේශන කමිටුවේ සභාපතිතුමා ඇතුළු දේශීය සම් භාණ්ඩ නිෂ්පාදන සමාගම් නියෝජිතයන් ද එක්ව සිටියා.















