වවුචර් පත් වෙනුවට පාසල් පාවහන් ලබාදීමේ නියමු ව්‍යාපෘතියක්

දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා ලබාදෙන වවුචර වෙනුවට ප්‍රමිතියෙන් යුතු දේශීයව නිෂ්පාදිත පාසල් පාවහන් ලබාදීම වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් අද කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

මෙම නියමු ව්‍යාපෘතිය බස්නාහිර හා දකුණු පළාතේ පාසල් 1266 ක පාසල් ළමුන් 145723 ක් සඳහා ක්‍රියාත්මක වන අතර මෙය ක්‍රියාත්මක කිරීමෙන් වසරක වගකීමක් සහිත ප්‍රමිතියෙන් යුතු පාවහන් 50ක් ලබා දීමටත් එක් පාවහන් යුගලක් සඳහා රුපියල් 2100.00 ක මුදලක් පමණක් ලබා ගැනීමටත්, දේශීය පාවහන් නිෂ්පාදන සමාගම් එකඟ වූ අතර ඒ මගින් රුපියල් මිලියන 140කට ආසන්න මුදලක් ඉතිරිකර ගැනීමට නියමිතය. එම ඉතිරි කරන ලද මුදලින් මෙම පළාත් දෙකේ තවත් පාසල් දරුවන් 62481 කට පාවහන් ලබාදීමටද සාකච්ඡා කෙරුණා.

මෙම ව්‍යාපෘතිය සඳහා සැපයුම්කරුවන් තේරීමේදී කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි දේශීය පාවහන් නිෂ්පාදකයන් පමණක් තෝරා ගැනෙන අතර පාවහන් නිෂ්පාදකයන් තෝරාගත් පාසල්වලට පැමිණ පාසල් ළමුන්ට ප්‍රමාණයෙන් ගැලපෙන පාවහන් ලබාදීමට එකඟ වුණා.

මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කර්මාන්ත අමාත්‍යාංශයේ සම් භාණ්ඩ නිෂ්පාදන උපදේශන කමිටුවේ සභාපතිතුමා ඇතුළු දේශීය සම් භාණ්ඩ නිෂ්පාදන සමාගම් නියෝජිතයන් ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23