Cඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා සුදුස්සෙක් තෝරා පත්කර ගැනීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (07) මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී රැස්වීමක් පැවැත්වීම නියමිතව තිබෙනවා.
වත්මන් වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර කතරගම මහා දේවාලයේ හා පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ, මහනුවර නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය තිලක් සුබසිංහ,පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන ගාමිණි කළුහෙන්දිවල, පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කරන බදුල්ල සෝනුත්තර රජමහා විහාරස්ථානයේ හා සතර මහා දේවාල මහ නිලමේ රොෂාන් ප්‍රියදර්ශන හා විශ්‍රාමික යුද හමුදා කර්නල් වරයෙකු වන නන්ද මඩුගල්ලේ යන පිරිසගේ නම් මෙවර දියවඩන නිලමේ තෝරාපත් කර ගැනීම සඳහා මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා,
දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ රැස්වීමේ දී මහා සංඝරත්නය ඇතුළු 267ක පමණ පිරිසකගේ ඡන්ද විමසීම සිදු කරනු ලබනවා.















