හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට වැඩි ප්‍රමාණයක් සමඟ එප්පාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මාලිමා නාගරික මන්ත්‍රීනියගේ සැමියා සහ පුත්‍රයා සම්බන්ධයෙන් මේ වනවිට සමාජ තුළ දැඩි කතාබහක් නිර්මාණයවී තිබෙනවා.
අත්අඩංගුවට පත් වූ අදාළ මන්ත්‍රීවරියගේ සැමියා විදුහල්පතිවරයෙක් වන බවත් ඔහු විසින් ඇඳගල ප්‍රදේශයේ පත්වාගෙන ගිය බව කියන හෝටලයක සඟවා තිබියදී අදාළ මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව සඳහන්.
විදුහල්පතිවරයා සමඟ ඔහුගේ විසිදෙ හැවිරිදි පුත්‍රයා ද අත්අඩංගුවට ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
ප්‍රධාන සැකකරුගේ බිරිඳ ජාතික ජනබලවේගයේ පෑළියගොඩ නගර සභාවේ මන්ත්‍රීවරියක් වන අතර අදාළ වැටලීම සිදු කර අවස්ථාවේදී ඇය එම හෝටලයේ රැඳි සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග කියා සිටියා.
අදාළ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මන්ත්‍රීවරියගේ පෑළියගොඩ පිහිටි නිවස ද පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර ඇති බව ද සඳහන්.
මෙම මන්ත්‍රීවරිය වත්මන් ආණ්ඩුවේ ප්‍රබල කාන්තා දේශපාලනඥයකු සමඟ සම්බන්ධතා ඇති අයකු බවත්, ඒ හේතුවෙන් දීර්ඝ කාළයක් එප්පාවල පදිංචිව සිටි ඇයට පෑලියගොඩ වූ තම උපන් ගමින් පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්වීමට අවස්ථාව උදා වී ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.
සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ක්‍රියාත්මකයි.
මේ අතර අදාළ මන්ත්‍රීවරියට එරෙහිව පියවර ගැනීමට තීරණය කරන ඇති බවයි ජාතික ජනබලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.















