මත්ද්‍රව්‍යවලින් අඩුවක් නොතිබූ පානදුරේ නිවසක පාටියකට පොලිසියෙන් පනී

පානදුර, ගොරකාන ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය භාවිත කරමින් පවත්වාගෙන ගිය සාදයක් වටලා එම නිවසේ හිමිකරු, ඔහුගේ බිරිද ඇතුළු පුද්ගලයන් 10 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ,බොරලැස්ගමුව , ගාල්ල, පස්සර සහ බදුල්ල ප්‍රදේශයේ පදිංචි 18 ත් – 40 ත් අතර වියේ පසුවන පිරිසක් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට පත්වුවන් අතර, එම සාදය සඳහා මත්ද්‍රව්‍ය සැපයූ පුද්ගලයා ද වන බව පොලිසිය සදහන් කළේ.

සැකකරුවන් අත්අඩංගුවට පත්වන මොහොතේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් සිට ඇති බවත්, ඔවුන් සන්තකයේ තිබු කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය සුළු වශයෙන් සොයාගත් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර පානදුර, උතුර පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
17
+1
4
+1
0
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?