”බන්ධනාගාරය යනු දඩුවම් ලබා දෙන ස්ථානයක් නොව ජීවිතයට දෙවන අවස්ථාවක් ලබා දෙන පරිවර්තනයේ පාසලක් බවට පත් විය යුතුයි.” යැයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තු සේවයට ආධුනික පුහුණු ඛණ්ඩයේ බන්ධනාගාර නිලධාරීනියන් 177 දෙනෙක් විසිර යාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අගුණකොගපැලැස්ස බන්ධනාගාරයේදී අද (05) පෙරවරුවේ සහභාගි වෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ රජය යටතේ යුක්තිය අතලොස්සක් දෙනෙකුගේ වරප්‍රසාදයක් නොව සියල්ලන්ගෙම අයිතියක් වන පාලන ක්‍රමයකට අවතීර්ණ වෙමින් සිටින බවයි.
ජාතික ජන බලවේග රජය යනු ජනතාවගේ බලය අධිකාරිය ජනතාවටම ආපසු ලබා දෙන ආණ්ඩුවක් බවත්, රාජ්‍ය ආයතන සහ නීතිය සම්බන්ධව මහජන විශ්වාසය ගොඩනැගීම, දුෂණය තුරන් කිරීම සහ රාජ්‍යයේ සෑම අතින්ම අවංකභාවය, සාධාරණත්වය සහ මහජන හිතකාමී බව පිළිබිඹු වන බව සහතික කිරීමේ වගකීම රජය භාර ගෙන තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.





